Special Offering to twenty-eight Samma Sambuddhas (Atavisi Buddha Pooja)

තෙරුවන් සරණයි!
Theruwan Saranayi!
[For English version kindly scroll down]

සැදැහැති පින්වතුනි,

මෙවර ෆ්ලොරිඩා බෞද්ධ විහාරයීය වෙසක් මංගල්‍යය පිලිබඳ සියලු සංවිධාන කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බව ඔබ දන්නවා ඇත. පෙර සඳහන් කරන ලද පින්කම් වලට අමතරව මෙවරද අටවිසි බුද්ධ පූජාමය පින්කමක් විශේෂයෙන් සංවිධානය කිරීමට මේ වන විට සියලු කටයුතු සංවිධානය කෙරෙමින් පවතී. ඒ පිලිබඳ පහත සඳහන් කරුණු කෙරෙහි ඔබේ කාරුණික අවධානය යොමු කරමු.

අටවිසි සම්මා සම්බුදු රජාණන් වහන්සේ සඳහා විශේෂ සම්බුද්ධ පූජාව.

වෙසක් පින්කම් මාලාවේ නියමිත වැඩසටහන් අතර සවස 8.30 සිට අටවිසි සම්බුද්ධ පූජාව පැවැත්වේ.
මල්, පහන්, සුවඳ, පලතුරු යුෂ, සිසිල් පැන් වලින් මෙහිදී අටවිසි සම්මා සම්බුදු රජාණන් වහන්සේලා පූජා කිරීමට නියමිතය.

සුවිශේෂ ඡත්‍ර පූජාව

අටවිසි සම්මා සම්බුදුරජාණන් රජාණන් වහන්සේ උදෙසා මෙවර අලංකාර ඡත්‍ර (කුඩ) පූජාවක් පැවැත්වීමට නියමිතය. අලංකාර ස්වර්ණ වර්ණ රටා සහිත මේ අලංකාර ඡත්‍ර පූජාව සසරෙහි බොහෝ අනුසස් ගෙනදෙන උතුම් බුද්ධ පූජාවකි.
අටවිසි සම්බුද්ධ පූජාව සඳහා සහභාගී වීම.

මෙවර අටවිසි සම්බුද්ධ පූජාව සඳහා ඔබටද සහභාගී වීමේ අවස්ථාව යොදා ඇත. භාග්‍යවතුන් වහන්සේ විසින් අපට උගන්වා වදාළ පරිදිත්, ධර්ම විනයට අනුකූල වන පරිදිත් මෙම උතුම් පූජාව පැවැත්වීම පිණිස පහත සඳහන් උපදෙස් අනුව කටයුතු කරන මෙන් දන්වා සිටිමු.

පලතුරු යුෂ සැකසීම.

මෙවර පලතුරු යුෂ පූජාව සඳහා ඉදුණු අඹ යුෂ, දොඩම් යුෂ සහ මිදි යුෂ සකසනු ලැබේ. සියලු පලතුරු යුෂ පිරිසිඳු ඉදුණු පලතුරු ගෙඩි ගෙන සකස් කල යුතුය. (කිසිදු කෘතීම පලතුරු යුෂ වර්ගයක්, බෝතල් කල පලතුරු යුෂ වර්ගයක් හෝ මේ සඳහා භාවිතා කරනු නොලැබේ.) සියලු පලතුරු යුෂ ඉතා ප්‍රණීතව සකසා පිරිසිඳු සුදු පැහැති රෙදි කඩකින් පෙරා ගත යුතුය. (පලතුරු පෙරා ගත යුත්තේ සුදු රෙදි කඩකින්ය. වෙනත් පෙරනයන් භාවිතා කිරීම ප්‍රමාණවත් නොවේ.). පලතුරු යුෂ සැකසීමේදී සහ පූජාව සඳහා භාජන වලට පිළියෙළ කිරීමේදී පිරිසිඳු මුඛ වැසුම් පැළඳිය යුතුය.

පලතුරු යුෂ එක් වීදුරුවක් සඳහා අවම වශයෙන් මිලිලීටර 600ක් අවශ්‍ය වෙයි. ඔබ පලතුරු යුෂ පූජාවට සම්බන්ධ වීමට අපේක්ෂා කරන්නේ නම් පහතින් සඳහන් කර ඇති යොමුව මගින් ඒ සඳහා අවස්ථාව වෙන්කරගන්න.

සියලු පලතුරු යුෂ නියමිත පරිදි පිළියෙළ කර පිංකම දිනයේ සවස 5.30 වන විට විහාරයට ලැබෙන්නට සැලැස්විය යුතුය. (නියමිත පරිදි රෙදි කඩකින් පෙරා නැති පලතුරු යුෂ හෝ පලතුරු ගෙඩි හැර වෙනත් මිලදීගත් යුෂ වර්ග මිශ්‍ර කරන ලද පලතුරු හෝ, මෙහි දක්වා ඇති යොමුව මගින් පලතුරු යුෂ සැකසීම සඳහා වෙන්කර නොගන්න හෝ නියමිත වේලාව පසු වී ලබා දෙන හෝ සඳහා භාර නොගන්න බව කාරුණිකව අවධාරණය කරමු.).

පලතුරු යුෂ සැකසීම භාර ගන්නා පින්වතුන් බ්‍රහස්පතින්දා රාත්‍රී 10.30 වනවිට මෙහි ඇතුලත් කර ඇති යොමුව මගින් සිය දායකත්වය වෙන් කරගත යුතුය.

ඡත්‍ර (කුඩ) පූජාව සඳහා සම්බන්ධ වීම.

ඡත්‍ර පූජාව සඳහා සම්බන්ධ වීමට සතුටු පින්වතුට විහාරස්ථානය ඇමතීමෙන් ඒ සඳහා දායකත්වය වෙන් කරගත හැකිය. මේ වන විට ඉතා සීමිත ප්‍රමාණයක් පමණක් දායකත්වය සඳහා ඉතිරි වී ඇති බැවින්, සම්බන්ධ වන අනුපිලිවෙල අනුව පූජාව සඳහා අවස්ථාව ලබා දෙනු ලැබේ.

මල් පූජාව 

අටවිසි සම්බුද්ධ පූජාව සඳහා විශේෂයෙන් රතු, සුදු සහ කහ වර්ණයෙන් යුත් රෝස මල් යොදා ගැනීමට අපේක්ෂිතය. ඒ සඳහා සම්බන්ධ වීමට කැමති පින්වතුන් තම තමාට හැකි පමණින් එම මල් රැගෙන එන මෙන් කාරුණිකව දන්වමු. කෙසේ වෙතත්, කැමති වර්ණයෙන් කැමති මල්වර්ගයකින් හැකි තාක් මල් රැගෙන එන්න.

මෙත් සිතිනි,
ෆ්ලොරිඩා බෞද්ධ විහාරය.

Theruwan Saranayi!

Dear Devotees,

As you are all are aware, Vesak Ceremony 2015 of Florida Buddhist Vihara will be held on Saturday, the 16th of May 2015. In place of the Gilnpasa Buddha Pooja as stated in the schedule sent previously, there will be a special offering to 28 Samma Sambuddhas starting at 8.30 pm.
In order to ensure that everyone participates in this most meritorious deed in the manner as advised by the Buddha please follow the instructions given below when preparing your offering.

Offering Fruit Juice
The following types of fruit juices will be offered.

      Mango Juice.
      Grape Juice.
      Orange Juice.

Please use juices extracted from fresh fruits. Do not use bottled juices or preserved extracts.

All juices must be filtered using a new clean white cloth. Ensure that no solid particles are present. (This requirement and procedure was stated by the Buddha himself in both Sutta and Vinaya).

Add sugar and salt for better taste.
Do not mix different types of juices. Only one type of juice in one container.
Please bring your offering to the Vihara before 5.30 pm on the day of the ceremony.

You may indicate the type and amount of juice that you are willing to contribute by calling the temple at the number given below. Please make sure you sign up before 10.30 pm on 14th Thursday. 

Special Offering of Umbrellas
There will be a special offering of Umbrellas to 28 Samma Sambuddhas. Those who wish to participate in this highly meritorious deed please contact the Vihara. There are only a very few offerings of umbrellas available. Participation will be available on first come first serve basis.

Flowers
An offering of Red, Yellow and White roses will be made to the 28 Samma Sambuddhas. You can offer any amount of flowers that you are happy with.
All other types of flowers can also be used in the puja.

With Metta!
Florida Buddhist Vihara
Tel: (813) 621-1337

dhammikae

Comments are closed.