Florida Buddhist Vihara’s Building Extension Project

 

Click here to view the plan   

Donate for the Building Extension Project [ecp code=”donation”]

Florida Buddhist Vihara is a major Theravada Buddhist place of worship located in a pleasant setting in suburban Tampa. It was established back in 1997 by Rev. Kokkavita Wipulasara in order to satisfy the religious needs of Sri Lankan devotees in the state of Florida. Starting from its modest beginning, today it has grown gradually to become a leading place of worship for not only Florida’s Sri Lankans and other Buddhists but also those of other neighboring states as well. An important additional motivation for the establishment of the Vihara was to instill Buddhist heritage in your beloved children, which also is being achieved successfully. Furthermore, the Vihara has seen the increased participation of many devotees of other nationalities such as American, Thai, Laotian, Burmese, Indian and Bangladeshi, who realize and value the unique path offered by Buddhism for spiritual salvation.
On the other hand, it has become increasingly tedious to fulfill the numerous religious needs of our devotees and continue the mission of the Vihara with the limited monthly maintenance budget furnished by some devotees, and above all, without the minimum facilities that such places of worship must be equipped with. In view of the above, the opportunity that we have received now to achieve the long term aspiration of a spacious sermon hall can be regarded as somewhat of a blessing. The first step toward this goal has been accomplished with the approval by the Hillsborough County of the relevant building extension plan and other applicable documents. Therefore, time has come to plan the finances for the above building project. It is our strong desire to collect the estimated funds of $133,000 for the building extension and an additional $7,000 for upgrading the dilapidated existing facilities, before the approaching Vesak ceremony. We appreciate your benevolence in helping us achieve this financial goal.

Therefore, we compassionately invite all devotees and well-wishers living in Florida, the rest of the United States and abroad who read this to provide your affordable maximum donation to accomplish this project in a timely manner. We are pleased to inform you that the construction of the sermon hall started on Feb. 3rd, 2017 and it is expected to be completed by the upcoming Vesak festival, as stated before.

The following website will enable you to review the updates of the building fund and also record your contribution.

View Updates and Funding Contribution

Few photographs of the old sermon hall and the proposed new construction can be seen at the end of this page. More photos can be seen by visiting the Gallery page.

 

ෆ්ලොරිඩා බෞද්ධ විහාරයීය ගොඩනැගිලි සංවර්ධන ව්‍යාපෘතිය

    “ෆ්ලොරිඩා බෞද්ධ විහාරය” ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ටැම්පා නගරයට ආසන්නව  රමණීය භූමිභාගයක පිහිටා ඇති ප්‍රධානම ථෙරවාද බෞද්ධ විහාරස්ථානයයි. මෙම විහාරය 1997 වසරේදී ශාස්ත්‍රපති පූජ්‍ය පණ්ඩිත  කොක්කාවිට විපුලසාර ස්වාමීන් වහන්සේ විසින් එවකට ෆ්ලොරිඩා ප්‍රාන්තය තුල විසූ ශ්‍රී ලාංකික සැදැහැතියන්ගේ ආරාධනයෙන්  ඔවුන්ගේ බෞද්ධ වත්පිළිවෙත් ඉටුකර ගැනීම සඳහා ආරම්භ කරනු ලැබූවකි.

ආරම්භක අවධියට සාපේක්ෂව විශාල පින්වතුන් පිරිසක් විවිධ පිංකම් සඳහා සහභාගී වන අප විහාරස්ථානය අද වනවිට ෆ්ලොරිඩා ප්‍රාන්තය පුරාම ත් ආසන්න ප්‍රාන්ත වලත් ශ්‍රී ලාංකික සහ අන්‍ය බෞද්ධ පින්වතුන්ගේ ප්‍රධානතම විහාරයක් බවට පත්ව තිබේ. 

තවද, අප විහාරය ආරම්භ කරන ලද්දේ  ශ්‍රී ලාංකික පවුල් වල පින්වතුනට ඔවුනගේ ආදරණීය දරුදැරියනට සිංහල බෞද්ධ සංසකෘතියේ ආභාෂය උරුම කරදීමේ අභිප්‍රාය ද සහිතවය.

එමෙන්ම ඇමරිකානු, වියෙට්නාම, තායි, ලාඕස්, බුරුම, ඉන්දියානු, බංගලාදේශ  සහ  අන්‍ය ජාතික බෞද්ධ ජනතාවද විහාරස්ථානය වටා එක්රැස්වනුයේ බුද්ධ ධර්මය තුළ ඇති විමුක්තිදායක බව පිළිබඳව පවතින බලවත් ශ්‍රද්ධාවෙන් තමන්ගේ ආධ්‍යාත්මික දියුණුවට ඇති ඒකායන මාර්ගය බුදු දහම ය  යන හැඟීමෙනි.

විහාරස්ථානයක් සතු වියයුතු අවම සම්පත්වත් නොමැතිව මෙම ස්ථානයට පැමිණෙන සැදැහැති බෞද්ධයන්ගේ විවිධාකාර ආගමික අවශ්‍යතාවයන් ඉටුකරලමින්, අප දායක පින්වතුන්ගේ ආධාරෝපකාර මත විහාරස්ථානය නඩත්තුකර ගනිමින්, විවිධ බාධක මැඩගෙන ඉදිරියට යන ගමන අතිශය දුෂ්කර වූවකි. ඒ ගමනට දෙන දිරියක් මෙන් අප විහාරස්ථානයට බලවත් අඩුපාඩුවක්ව පැවති ශාලාවක අවශ්‍යතාව සපුරා ගැනීමට අපහට දැන් ඉඩකඩ ලැබී ඇත.

පළමුව, ඒ සඳහා අවැසි පිඹුරුපත සහ අනෙකුත් ලියකියවිලි අනුමත කරගෙන අදාළ මූලිකම  අවශ්‍යතාවන් මේ වනවිට සපුරාගෙන ඇත. දෙවනුව, ඒ සඳහා ඇස්ත්මෙන්තුගතකර තිබෙන මූල්‍යමය ප්‍රතිපාදන සකසා ගත යුතුව ඇත. නව ගොඩනැගිල්ල සඳහා $133,000 ක්ද පවතින ගොඩනැගිල්ලේ අත්‍යවශ්‍ය පිළිසකර කිරීම් කිහිපයක් සඳහා $7,000 ක්ද  වශයෙන්වන ඇස්තමේන්තුගත මුදල අප්‍රමාදීව  එකතුකොට එළඹෙන 2017 වෙසක් පින්කමට පෙර සියලු වැඩ නිමකරවා ගැනීම අපගේ අභිප්‍රාය වේ. ඒ සඳහා පරිත්‍යාගශීලී පින්වත් ඔබගෙන් ලැබෙන දායකත්වය අතිශයින් අගය කරමු.

එබැවින් මෙම ගොඩනැගිලි සංවර්ධන ව්‍යාපෘතියේ වැඩකටයුතු ඉක්මණින් නිමකරවා ගැනීමට හැකි උපරිමයෙන් දායකවන ලෙස මෙම සටහන දකින කියවන ෆ්ලොරිඩා ප්‍රාන්තය තුළ සහ ඇමරිකා එකසත් ජනපදය තුළ වෙසෙන පින්වතුනටත්, විවිධ දේශයන්හි වෙසෙන පින්වතුනටත්,  මෙත් සිතින් ඇරයුම් කරමු.

  • පෙබරවාරි මස 03 වන සිකුරාදා දින නව ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ කරන්නට යෙදුන අතර යට කී පරිදිම එලඹෙන වෙසක් උත්සවය වනවිට  (2017) එය නිමකරලීමට  අපේක්ෂිතයි.

පහත සබැඳියට පිවිසිවිට යාවත් කාලින අය පිලිබඳ තොරතුරු දැනගැනීමටත්,  ඔබගේ මුල්‍යමය දායකත්වයන් පිළිබඳව සටහන්කර තැබීමටත්, හැකිවනු ඇත.

View Updates and Funding Contribution

  • නව ශාලාවේ පැරණි සහ නව ඉදිකිරීම් පිලිබඳ ඡායාරුප පහලින්.

IMG_6711

IMG_6747

IMG_6840